Posts

Showing posts from March, 2021

සුදු හිම වල අඳුරු පැතිකඩ​

Image
Photo by Todd Torabi on Unsplash ශ්‍රී ලංකාව වගේ රටක ඉපදිලා ජීවත් වෙන අපිට හිම කියන්නේ අපි අත්දකින්න ඉතාමත් කැමති දෙයක්. හිම සෙල්ලම් කරන්න​, හිමේ ඇවිදින්න වගේම හිම අතට අරන් බලන්න මටත් ලොකු ආසාවක් තිබුණා​. මන් දැන් ජීවත් වෙන Europe වල තියන​ Estonia කියන රටේ දී මට පළවෙනි වතාවට හිම අත්දකින්න ලැබෙනවා. ඉතින් මම අත්දැකපු හිම ගැන මගේ අත්දැකීම් මේ විදිහට ඔයාලා හැමෝටම කියන්න මම කැමති. අවුරුද්දකට තියන Spring, Summer, Autumn, Winter කියන​ season හතරෙන්, Winter season එක ඉවරවෙලා මේ උදාවෙලා තියෙන්නේ Spring season එක​. ඒත් Winter එකට හිම වැටෙන එක මෙහෙ තාම ඉවර වෙලා නෑ. Winter එකට තරම්ම නැති වුනත් තාම හිම වැටෙනවා. හිම වල මගේ පළමු අත්දැකීම ගැන කිව්වොත්, මම මේ රටට ආව පළමු දවස හිම වැටෙන දවසක්​. Airport එකෙන් එලියට එනකොට සුදු පුලුන් වැටෙනවා වගේ මගේ මුනට හිම වැටුණා​. වැටුණ ගමන් දිය වෙනවා. මම අත්ල දිග හැරලා හිම එකතු වෙන්න ඇල්ලුවා. හරියට පොඩි ළමයෙක් හිම වලට ආසාවෙ වගේ.  හැම තැනම හරිම ලස්සනයි. හරියටම සුදු වළාකුලක් බිම වැටිලා වගේ. හැම තැනම හිම​. සමහර තැන් වල දනහිසටත් වඩා උඩට හිම​. ගෙවල් වල වහල හිමෙන් වැහිලා. ම