නිවසක අලුත්වැඩියාව, අරුම පුදුම සොයා ගැනීමකට සහ FBI විමර්ශනයකට මග පාදයි


අපි Fantasy film වල, නොහිතන වෙලාවල් වල නොහිතන දේවල් සොයා ගන්න සිදුවීම් ඕන තරම් දැකලා තියනවා. ඒත් ඒ වගේ සිදුවීමකට ඇත්ත ජීවිතේ මුහුණ දෙන්න වුනොත් ඔබට කුමක් සිතේවිද​? America වේ Ohio ප්‍රාන්තයේ Cleveland කියන ප්‍රදේශයේ ජීවත් වුන​ යුවලක් ඒ වගේ සිදුවීමකට මුහුණ දීලා තියනවා. ඒක වෙන්නේ ඔවුන් කාලයක් ජීවත් වුන ඔවුන්ගේ නිවස අලුත්වැඩියා කරන්න පටන් ගැනීමත් එක්කයි. ඒ නිවස මුලින්ම ඉදිකරලා තියෙන්නේ 1940 දී. නිවාස අලුත්වැඩියා කිරීමේදී පැරණි දේවල් හමුවෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ සොයා ගැනීම ටිකක් විශේෂ එකක්. පියවරෙන් පියවර මම ඒ ගැන කියන්නම්.
 
නිවස අලුත්වැඩියාව ඇරඹීම
මෙම යුවල කාලයක් ජීවත් වුණ ඔවුන්ගේ නිවස අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට ඇතිවෙනවා. 35 හැවිරිදි මෙම නිවසේ අයිතිකරු තීරණය කරනවා එය DIY (Do It Yourself) ක්‍රමයට අලුත්වැඩියා කරන්න​. ඒ අනුව ඔහු විසින්ම නිවසේ ඇතුලත අලුත්වැඩියා කිරීමෙන් පසු ​basement එක අලුත්වැඩියා කරන්න පටන් ගන්නවා.
 
සොයා ගැනීම් මාලාවක පළමු සොයා ගැනීම
ඔහු මුලින්ම basement එකේ බිත්ති වල plastering ගලවන්න තීරණය කරනවා. plastering කඩලා බිම දානකොට ඔහුට පේනවා plastering වලට ඇතුලින් block ගල් වල සුදු පාටින් යම් යම් දේවල් ඇඳලා, ලියලා එහෙම තියනවා. ඒවා ගැන හරි අදහසක් ගන්න බැරි වුණ ඔහු නැවත ඔහුගේ වැඩ පටන් ගන්නවා.

 
සොයා ගැනීම් මාලාවක දෙවන සොයා ගැනීම
බිත්ති වල තිබුණ අමුතු සටහන් ගැන විවිධ දේවල් හිතුනත් ඔහු ඉක්මණින් වැඩ ඉවර කරන අදහසින් බිත්ති ගලවලා ඉවර වෙලා ceiling ගලවන්න තීරණය කරනවා. ceiling sheet එකින් එක ගලවලා බිම දාන ඔහු ceiling කෙළවරක දූවිලි බැඳුන පෙට්ටියක් වගේ දෙයක් දකිනවා. කලින් දැකපු බිත්ති සටහන් එක්ක ඔහුගේ හිතේ ඇඳුන දෙයක් කියලා මුලිම හිතුවත් පසුව හොඳට ලංවෙලා බලද්දි එය කොල පාට සහ අලු පාට briefcase එකක් කියලා ඔහුට පේනවා. මේ වෙන සිදුවීම් film එකක් වගේ දැනුණ ඔහු මේ හැම සිදුවීමකම photo එකක් ගන්න අමතක කරන්නෙ නෑ.
 

prank එකක්ද
පරිස්සමෙන් briefcase එක ඇදලා එලියට ගත්ත ඔහුට ඒ briefcase එක ප්‍රමාණයට වඩා විශාල බරක් ඇති බව දැනෙනවා. පළමු පෙනුමෙන්ම මේ briefcase එක සෑහෙන පරණ එකක් කියලා තේරුම් ගත්ත ඔහුට හිතේ චකිතයක් ඇතිවෙනවා. මේ සිදුවීම වෙද්දී ඔහුගේ බිරිඳ නිවසේ ඉඳලා නෑ. මේ බලාපොරොත්තු නොවුන සොයා ගැනීම ගැන ඔහු බිරිඳට call කරලා දැනුම් දීලා මේ briefcase එක ඔවුන්ගේ නිවසෙන් පිටතට අරගෙන යනවා. මේ රසවත් සිදුවීම දැනගත් ගමන් බිරිඳ නිවසට එනවා. briefcase එක දිහා බලාගෙන ඇතුලේ ඇති දේවල් ගැන guess කරන ඔවුන් මේ briefcase එක ඇරලා බලන්න තීරණය කරනවා. ඊට කලින් ඔවුන් හොඳට වටපිටාව බලන්නේ, මේ සිදුවීම යාලුවෝ prank එකක් විදිහට කරලා camera වලින් බලන් ඉන්නවාද කියලා දැනගන්න​. එහෙම සඳහනකුත් නැති නිසා ඔවුන් අවසානයේ මේ briefcase එක අරිනවා.
 

ඔවුන්ට ඇස් අදහාගත නොහැකි විය
briefcase එක ඇතුලේ wax paper වලින් cover කරපු කොටු හැඩේ parcel 3 ක් තියන බව ඔවුන්ට පේනවා. පළමු parcel එකේ wax paper එක ඉවත් කළාම දැකපු දෙයින් ඔවුන්ට ඇස් අදහාගත නොහැකි වුණා. wax paper වලින් cover කරලා තිබුණ $20 නෝට්ටු විශාල ප්‍රමාණයක් ඔවුන්ට හමුවෙනවා. දෙවෙනි parcel එක බලද්දී, $50 නෝට්ටු මිටියක් ඔවුන්ට හමුවෙනවා. තුන්වෙනි parcel එක බලද්දී, $100 නෝට්ටු මිටියක් හමුවෙනවා. බලාපොරොත්තු නොවුණ වෙලාවක ලොතරැයියක් හමුවුණා වගේ හැඟීමක් ඇතිවුන මේ යුවලට මේ සිදුවෙන දේ විශ්වාස කරගන්න​ බැරි වුණා. ඒ නෝට්ටු සියල්ලම briefcase එකෙන් පිටතට ගත්ත ඔවුන් briefcase එක අඩියේ අතුරලා තිබුණ පත්තර කෑල්ලක් දකිනවා. ඒ පත්තර කෑල්ලේ සටහන්වෙලා තිබුණ දිනය දැකපු ඔවුන් තවත් පුදුම වෙනවා. ඒකේ දිනය තිබුනේ 1951 මාර්තු 25 කියලා.
 

මුදල් ඔවුන්ට අයිති වෙයිද​
අවුරුදු 60 කටත් එහා මේ briefcase එක ඇතුලේ අරක්‍ෂිතව තිබුණ මේ මුදල් නෝට්ටු වලින් සමහරක් විශේෂ නෝට්ටු බව ඔවුන් දැකලා තියනවා. මේ මුදල් වල අයිතියක් තහවුරු වෙන කිසිම දෙයක් ඔවුන්ට හමුවෙලා නෑ. නොහිතන වේලාවක ලොතරැයි දිනුමක් ලැබුනොත් ඒ මුදල් වල අයිතිය ගැන ප්‍රශ්නයක් නෑනේ. ඒත් මේ ලොතරැයිය ටිකක් අමුතු නිසා ඔවුන්ගේ හිතට ආපු පළමු ප්‍රශ්නය වුනේ ඒ සල්ලි ඔවුන් ලඟ තියාගන්න එක නීත්‍යානුකූලද කියන එකයි. ඒ අනුව ඔවුන් lawyer කෙනෙක්ට කතා කරලා මේ ගැන කියලා පරික්‍ෂා කරද්දී, ඒ මුදල් වල වර්තමාන වටිනාකම $23000 ක් බව දැනගෙන තියනවා. ඒ වගේම ඒ මුදල් ඔවුන්ට අයිති බවත් දැනගෙන තියනවා.

සොයා ගැනීම් මාලාවක තෙවන සොයා ගැනීම
මේ සිදුවුණ බලපොරොත්තු නොවුන දෙයත් සමඟ සතියකට පසු අයිතිකරු ආයෙත් basement එකේ අලුත්වැඩියා වැඩ පටන් ගන්නවා. ඔහුව නැවත පුදුමයට පත්කරමින් පළමු briefcase එක වගේම තවත් briefcase එකක් ඔහුට ceiling උඩින් හමුවෙනවා. එයත් කලින් වගේම ඔවුන් ඇරලා බැලුවාම දැකපු දෙය ඔවුන්ට හිතාගන්න බැරි වෙනවා. කලින් briefcase එකේ වගේම මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් ඒ briefcase එකේ තිබිලා ඔවුන්ට හමුවෙනවා. briefcase දෙකේම මුදල් වල වටිනාකම $45000 ක් බව ඔවුන් කලින් වගේම lawyer කෙනෙක් මාර්ගයෙන් දැනගන්නවා. මේ මුදල් සියල්ලම ඔවුන්ට අයිති බව දැනගන්න අයිතිකරු පසුව, ඔවුන්
තිබෙන ණය ගෙවා දමන අදහසින් මේ මුදල් ආරක්ශා සහිතව ඔවුන්ගේ ගිණුමකට දමනවා.


නිවසෙම සැඟවුණ තවත් අබිරහසක්
නොහිතපු වෙලාවක ඔවුන් මේ මුහුණ දුන්න අත්දැකීම නිසා ඔවුන්ට ඔවුන්ගේ නිවසේ ඔවුන් කිසිදාක ඇර නැති duct door එකක් ගැන සැකයක් ඇති වෙනවා. ​ඔවුන් එම නිවස මිලදී ගන්න විට කලින් අයිතිකරු පවසලා තියෙන්නේ ඒ duct door එක ඇතුලේ නිවසේ උණු වතුර heater එක තියෙන බව​. ඔවුන් අන්තිමට ඒ duct door එක ඇරලා බලන්න තීරණය කරනවා.
 
ඔවුන් පුදුම කරමින් ඒ duct door එක ඇතුලේ රහස් කාමරයක් තිබෙන බව ඔවුන් දකිනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාමරය සම්පූර්ණයෙන් sound proof කරලා තිබුණ අතර ඒ කාමරය රහසක් විදිහට පවත්වාගන්න උත්සහ කර ඇති බවක් පෙනෙන බව ඔහු පවසනවා. මේ කාමරය සකස් කරලා තියන ආකාරය දැක්ක පසු ඔහුගේ හිතට අමුත්තක් දැනුණු බව ඔහු පවසනවා. ඒ රහස් කාමරය කෙළවර තවත් දොරක් තියන බව ඔහු දකිනවා. මේ සිදුවන කිසි දෙයක් හිතාගන්න බැරුව අයිතිකරු එම දොරත් අරින්න උත්සහ කළත් ඒ දොර තදින් අගුලු දාල තියෙන බව ඔහුට දැනෙනවා.
 
 
ඉවරයක් නැති මේ නව සොයා ගැනීම නිසා කුතුහලෙන් පසුවන ඔහු කොහොමහරි උත්සහ කරලා එම දොරත් ඇරගත්තට පසුව ඒ දොරෙන් අතුලේ ඔහුට කලින් හමුවුණ briefcase වලට වඩා වෙනස් briefcase එකක් සහ සේප්පුවක් හමුවෙනවා. ඒ briefcase එක ඇරලා බැලුවාම ඒක ඇතුලේ ලී පෙට්ටියක තිබිලා වටිනා ඔරලෝසු, පැරණි ආභරණ​, මුදු, රිදී කුට්ටි වගේම ලියුම් කවර වල දාපු විදේශ නෝට්ටු ඔහුට හමුවෙනවා.
 

මෙතරම් පරිස්සම් කරපු වස්තුව කාටද අයිති කියලා දැනගන්න මේ නිවස අයිතිකරු තුල දැඩි කුතුහලයක් ඇති වෙනවා. ඔහු උත්සහ කරලා සේප්පුව ඇරගන්නේ ඒකෙන් හරි වස්තුවේ අයිතිකරු ගැන හෝඩුවාවක් හොයගන්න බලාපොරොත්තුවෙන්. ඒත් සේප්පුව ඇරපු ගමන් දැකපු දෙයින් ඔහුගේ හිත තුල බියක් ඇතිවුණ බව ඔහු පවසනවා. මුලින්ම ඔහුට සේප්පුවෙන් හමුවෙන්නේ කලු පාට තීන්ත වලින් ලියපු note එකක්. ඒකේ සටහන් වෙලා තියෙන්නේ "SAVE YOURSELF" කියලා. මේ තැතිගැන්මත් එක්කම ඔහු තවත් සේප්පුව පරිර්ක්‍ෂා කරද්දී ඔහුට පෙට්ටියක තිබෙන පරණ videotape විශාල ප්‍රමාණයක් හමුවෙනවා. ඒ පෙට්ටිය ඇතුල් පැත්තෙනුත් සුදු පාටින් "DO NOT" කියලා සටහන් කරලා තියනවා ඔහු දකිනවා.
 
 
මේ අනතුරු ඇඟවීම් කොහොම වෙතත් නිවස හිමිකරුගේ ඇති කුතුහලය නිසා ඔවුන් ඒ videotape වලින් එකක් play කරලා බලනවා. මේ videotape එක බලපු ගමන් නිවසේ අයිතිකරු පළමුවෙන්ම කරලා තියෙන්නේ FBI එකට call කරලා මේ සිදුවුණ සියලු දේ විස්තර කරපු එක​. ඒ අනුව FBI එකෙන් ඉක්මණින් නිවසට ඇවිත් මේ videotape ඔවුන්ගේ භාරයට අරගෙන තියනවා. ඒ videotape වල තිබුන දේවල් ගැන දන්නේ ඒ නිවසේ හිමිකරුවන් සහ FBI එක පමණයි. ඒ ගැන මාධ්‍ය වෙත කිසිම එලිකිරීමක් කරලා නෑ. කොහොමහරි නිවසෙ අයිතිකරු කියලා තියනවා ඔහු ඒ videotape වලපු දැකපු දේවල් ඔහුගේ මනසට තදින්ම වද දෙන බව සහ ඒ videotape බලපු එක ගැන ඔහු පසුතැවෙන බවත්. අවසානයේ ඒ මුදල් වලින් ඔවුන් ඔවුන්ගේ ණය ගෙවලා ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා වැඩ සෑහෙන දුරට ඉවර කරගෙන සාමාන්‍ය ලෙස ජීවත් වන බව නිවසෙ අයිතිකරු පවසනවා.