Tibet අහස හිස් ඇයි

ශබ්දයේ වේගය වගේ දෙගුණයක වේගයෙන් පියාසර කරහැකි ගුවන් යානා තිබුනත්, පෘථිවියෙන් එහා තියන ග්‍රහ ලෝක වලට පියාසර කරන්න යානා තිබුනත්, ඒ කිසිම යානාවක් පියාසර නොකරන ස්ථාන කිහිපයක්ම පෘථිවියේ තිබෙන බව ඔබ දන්නවාද​? මම මේ කියන්න යන්නේ ඉන් එක ප්‍රදේශයක් වන Tibet ගැනයි. Tibet උඩින් කිසිම ගුවන් යානයක් පියාසර කරන්නේ නෑ. එයට හේතු කිහිපයකම තියනවා.
 
  • භූ ලක්‍ෂණ
ලෝකයේ වහල ලෙසද හඳුන්වන, ලෝකයේ උසම කඳු පන්තීන් කිහිපයක් තිබෙන Tibet සානුවට උඩින් ගමන් කිරීම ගුවන් යානා වලට තියන විශාල බාධාවක්.

  • මුහුදු මට්ටමේ සිට පිහිටන උස ප්‍රමාණය
commercial plane සඳහා පියාසර කිරීමට අවසර දී ඇති උස අඩි 25,000 සිට අඩි 35,000 වේ. සාමාන්‍යයෙන් හිමාලය කඳු අඩි 20,000 කට වඩා උසයි. Everest කන්ද තියෙන්නේ මුහුදු මට්ටමෙන් අඩි 29,000 කටත් වඩා ඉහලින්. ඉතින් මේ මුහුදු මට්ටමේ සිට මේ තරම් උඩින් පිහිටන හිමාලය කඳු උඩින් ගුවන් යානා පියාසර කරන්නේ නෑ.

  • හදිසි ගොඩබෑම​
ගුවන් යානයක් ගමන් කිරීමේදී හදිසි තත්වයක් ඇති වුනොත් ලඟම ඇති ස්ථානයකට ගොඩබැස්විය යුතුයි. නමුත් මේ ප්‍රදේශය හදිසි ගොඩබෑමක් කිරීමට භයානක ප්‍රදේශයකි.

  • වායුගෝලයේ කැළඹීම​
වායුගෝලයේ උස වැඩි වන විට වාතය තුනී වේ. වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර වායුගෝලීය පීඩනය වැඩි වේ. වායු පීඩනය වැඩි වන විට වායුගෝලයේ කැළඹීම ඇති වේ. එවැනි තත්වයන් උඩ ගුවන් යානා ගමන් සුදුසු නොවේ.

  • Drift down Procedure
ගුවන ගමකදී හුස්ම ගැනීමට කැබින් එකේ වාතය අඩු වුනොත් හුස්ම ගන්න පුලුවන් ඔක්සිජන් තියන උසකට ගුවන් යානය බස්සවන්න ඕන​. ඒකට කියන්නේ Drift down Procedure කියලා. නමුත් මේ Tibet උඩදි එහෙම තත්වයක් ඇති වෙලා ගුවන යානය බැස්සුවොත් අනිවර්‍යෙන්ම ගුවන් යානය කඳු වල හැප්පෙනවා.
 
This post in English: Medium
 
 Source: industry tap, Photo by: Naya Shaw from Pexels