පිළිකා ඇති දරුවන් වෙනුවෙන් තරඟයට පිහිනන තාරාවුන්
2014 සිට සෑම අවුරුද්දකට සැරයක්ම මෙම තාරාවුන්, Estonia වේ පිළිකා ඇති ළමයින් වෙනුවෙන් තරඟයට පිහිනනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මෙය වාර්ෂිකව එස්ටෝනියාවේ පැවැත්වෙන පිළිකා ඇති දරුවන් වෙනුවෙන් ආධාර එකතු කරන තරඟයක් සහ උත්සවයක්. සංවිධානය කරන්නේ එම පිළිකා ඇති දරුවන්ගේ දෙමාපියන් පවත්වන සංගමය විසිනුයි. එහි අරමුණ, පිළිකා ඇති දරුවන් ගේ තත්වයන් ගැන සමාජය දැනුවත් කරමින් පුද්ගලයන්ට හා සමාගම් වලට ඔවුන් වෙනුවෙන් අධාර උපකාර කිරීමට දිරිමත් කිරීමයි.

ලෝකේ හැම රටකම ඉන්න පිළිකා ඇති දරුවන් වෙනුවෙන් අපිට පුලුවන් ආකරයකින් ආධාර කරන්න පුලුවන් නම් එය ඉතාමත් වටිනා දෙයක්. ඉතින් ඔබ ලෝකේ කොහේ හිටියත් මේ පිළිකා දරුවන්ට ඔබටත් ආධාර කරන්න පුලුවන්. ඒ පිලිබඳ වැඩි විස්තර මෙතැනින් බලන්න.
මම මේ තරඟය ගැන ටිකක් හොයලා බැලුවා. Estonia වේ විතරක් නෙවෙයි, ලෝකේ ගොඩාක් රටවල් වල ආධාර සඳහා මෙම තරඟය පැවැත්වෙනවා. මුලින්ම මෙම තරඟය ආරම්භ කරලා තියෙන්නේ Australia වෙන්. දැනට පැවැත්වූ විෂාලම තාරා පිහිනුම් තරඟය පවත්වලා තියෙන්නේ 2008 දී London වල Thames කියන ගඟෙයි.