තාත්තා...
ඉපදුන දා දියණිය ලෙස මම ඔබගේ,ඵල දැරුවා පෙර භවයේ කුසල් මගේ,වාසනාව මමය කියා නුබේ ලොවේ,ඉටුකෙරුවා සැමවිට මා සිතු පැතු දේ...
පිටුවෙන් පිටුව පෙරලෙන විට මගෙ දිවියේ,පිටවූයේ මම හැම දියණියක ලෙසේ,ඉටු කරනට බැරිවුන ඔබේ සිහින වෙතේ,දුක් නොවන්න මම සතුටින් ඔහු සෙවනේ...
- තීවරී